මිනුවන්ගොඩ එක්දරු පියා ඝාතනය කර ඇත්තේ එකම පවුලක තිදෙනෙක්

මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේදී එක්දරු පියකු කපා කොටා ඝාතනය කිරීමට අදාලව එකම පවුලේ තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයෙ පෙරවරු 11ට පමණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුව මෝටර් රථයකින් පැමිණි පිරිසක් හප්පා අනතුරට පත් කර පසුව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ ලක්ෂිත ලක්මාල් නමැති 22 හැවිරිදි එක් දරු පියෙකි.
මෙම සිදුවීමෙන් අනතුරුව කුපිත වූ මියගිය පුද්ගලයාගේ ඥාතීන් ප්‍රදේශයේ නිවාස දෙකකට ගිනි තබා විනාශ කර තිබුණි.
මීට වසරකට පෙර සරුංගල් යැවීමේ දී ඇති වූ සිද්ධියක් මුල්කරගෙන මෙම ඝාතනය සිදු ව ඇති බව අනාවරණය වීමත් සමග එම සිදුවීමට අදාළ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
31024 Views
Comments