අධිකරණය ගාල්ලේ හොරෙන් එන්නත් ගැසූ අයගේ නම් ලයිස්තුව ඉල්ලයි

උණවටුන ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී නීති විරෝධීව බස්නාහිර පළාතෙන් පැමිණ එන්නත ලබා ගත් අයගේ නම් ලැයිස්තුව සහ එන්නත ලබා දුන් කාර්යාලයේ සීසීටීවී දර්ශන විමර්ශන සඳහා ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද නියෝග කළා.
මීට අමතරව එදින බස්නාහිර පළාතෙන් ගාල්ලට පැමිණි රථ වාහන හඳුනාගැනීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමේ සීසීටීවී දර්ශන ද හෙට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබීමට නියමිතයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීමට නියමිතව තිබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි පිරිසකට ලබා දීමේ සිද්ධිය වාර්තා වූයේ පසුගිය 7 වනදාය. මේ පිළිබඳව කළ මූලික විමර්ශනවලින් අනතුරුව ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග අධ්‍යක්ෂවරයා තනතුරු වලින් ඉවත් කර ඇත.
1070 Views
Comments