ආසාදිතයන් 2610 ක් - මරණ 47 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
08

ආසාදිතයන් 2610 ක් - මරණ 47 ක්

ආසාදිතයන් 2610 ක් - මරණ 47 ක්

ඊයේ (07) දිනයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2610 දෙනකු මෙරටින් හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

 

ඒ සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 207 943 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මීට අමතරව ඊයේ දිනයේදී ආසාදිත මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තවුරු කර තිබෙනවා.

 

එම මරණ මැයි මස 17 වනදා සිට ජුනි මස 6 වන දා දක්වා සිදු වී ඇති ඒවා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කළේ. ඒ අනුව ඊයේ දිනයේ දී කිසිදු අසාදිත මරණයක් මෙරටින් වාර්තා වී නැහැ. ඒ සමඟ මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1789 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 1670 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා. මෙරට සමස්ත ආසාදිතයන්ගෙන් 176 045 ක පිරිසක් මේ දක්වා සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

 

මේ අතර ඊයේ පමණක් නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 1028 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කළා. ඒ අනුව සංචරණ නීතිය බල පැවැත්වෙන කාල සීමාව තුළ මේ දක්වා පුද්ගලයන් 25 886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

views

1002 Views

Comments

arrow-up