කොරෝනා පරීක්ෂණ හතකට එක් ආසාදිතයෙක්

මෙරට දී සිදුකරනු ලබන සෑම කොරෝනා පරීක්ෂණ හතකටම එක් ආසාදිතයෙකු හමුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදුකල නවතම අධ්‍යනයකින් අනාවරණය කරගෙන තිබෙනවා.
මේ අතර කොරෝනා සුව වූ පුද්ගලයකු යළි තම සේවා ස්ථානයට යාමට පෙර කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව සේවායෝජකයින් කළ ඉල්ලීම පදනම් විරහිත බව සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.
යම් රෝගියෙකු රෝහලෙන් නිදහස් කරන්නේ ඔහු ට කොරෝනා වෛරසය තවදුරටත් බෝ කිරීමට හැකියාවක් නොමැති වූ විට දී පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඊයේ (31) දිනයේ දී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2912 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 186 364 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ නව කොවිඩ් මරණ 43 වාර්තා කර තිබුණා. කෙසේ නමුත් එම වාර්තාවට අනුව ඊයේ දිනයේ දී මියගොස් ඇත්තේ කොවිඩ් අසාදිත පුද්ගලයින් 04 දෙනෙකු පමණයි. ඉතිරි කොවිඩ් මරණ 39 ඊට පෙර දින වල සිදු වූ මරණ ලෙසයි වාර්තා කර තිබුණේ.
එමෙන්ම ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් 30 දෙනෙකුම විදේශ වල විට මෙරටට පැමිණි අයයි. කෙසේ නමුත් මේවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 33 140 ක් පමණයි. රෝගීන් 151 740 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
1074 Views
Comments