දෙහිවල නගර සභාවෙන් පරිසර හිතකාමී මිනී පෙට්ටියක් රුපියල් 4500 කට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
25

දෙහිවල නගර සභාවෙන් පරිසර හිතකාමී මිනී පෙට්ටියක් රුපියල් 4500 කට

දෙහිවල නගර සභාවෙන් පරිසර හිතකාමී මිනී පෙට්ටියක් රුපියල් 4500 කට

දෙහිවල ගල්කිස්ස නගර සභාවෙන් නිපදවන ලද පරිසර හිතකාමී මෘතශරීර බහාලනයක් හඳුන්වාදීම අද දිනයේදී අත්තිඩිය සුසාන භූමියේ දී සිදු විය. අද දිනයේ දී කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් මෙම මෘත ශරීර බහාලනයේ දමා කොහුවල පොදු සුසාන භූමියේදී ආදාහනය කිරීම සිදුවිය. මෙම කටයුත්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ පූර්ණ අනුමැතිය ඇතිව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයාගේ අධීක්ෂණය යටතේ සිදුවිය.

 

මෙම මිනී පෙට්ටිය හඳුන්වාදීම සිදුකෙරුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් අත්තිඩිය අවමංගල්‍යය උත්සව ශාලාවේදීයි. කෙසේ නමුත් මෙවැනි මිනී පෙට්ටියක වටිනාකම රුපියල් 4500ක් වන බවයි ඒ නිර්මාණකරුවන් පවසා සිටියේ. කොරෝනා ආසාදිත මියයන පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයක් රු 10 000 පමණ මුදලකට සිදු කිරීමට මේ සමග හැකියාව ලැබෙන බව මේ නිර්මාණකරුවන් පෙන්වා දෙනවා.

 

 

 

 

views

2471 Views

Comments

arrow-up