ආසාදිතයන් 2478 ක් මරණ 34 ක් - දින 100 ක් තුල ආසාදිතයන් මිලියනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

ආසාදිතයන් 2478 ක් මරණ 34 ක් - දින 100 ක් තුල ආසාදිතයන් මිලියනයක්

ආසාදිතයන් 2478 ක් මරණ 34 ක් - දින 100 ක් තුල ආසාදිතයන් මිලියනයක්

ඊයේ (19) දිනය තුළ මෙරටින් Covid 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2478 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 141,374 දක්වා ඉහළ ගියා.

 

මේ අතර ඊයේ දිනයේදී ආසාදිතයන් 1516 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 121 145 දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනයේ දී මේ දක්වා මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ඒ කොරෝනා මරණ 34 ක්.

 

ඒත් සමඟ මෙරට කොරෝනා මරණ 1000 සීමාව පසු කළ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ ගියා.

 

මේ අතර අඛණ්ඩව රෝගීන් 2000 සීමාව ඉක්මවමින් 10 වන දිනටත් රෝගීන් වාර්තා වීම සමඟ ඉදිරි දින 100 ගත වන විට කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

 

 

 

 

 

views

2592 Views

Comments

arrow-up