ඊයේ සවස පැය දෙකක විශේෂ මෙහෙයුමක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

ඊයේ සවස පැය දෙකක විශේෂ මෙහෙයුමක් !

ඊයේ සවස පැය දෙකක විශේෂ මෙහෙයුමක් !

ඊයේ පස්වරු 5.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ කායවර්ධ මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර, ටයර් අලුත්වැඩියා කරන ස්ථාන, රථ වාහන අලුත්වැඩියා කරන ස්ථාන, බාබර් සාප්පු, සන්නිවේදන මධ්‍යස්ථාන ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථාන 2045 ක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබුණා.

 

එහිදී එම ස්ථානවල සිටි පුද්ගලයන් 3669 දෙනෙකුට දැඩි ලෙස අවවාද කිරීම් කර ඇති අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 63 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

 

මීට අමතරව බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාව 12ක පිහිටුවා ඇති මාර්ග බාධක හා රථවාහන පරීක්ෂණ කපොළු වලදී රථ වාහන 571ක් පරික්ෂා කර තිබෙනවා.

 

එහි සිටි පුද්ගලයින් 1394 දෙනෙකු අතුරින් නිරෝධායන නීති උල්ලංඝනය කර පුද්ගලයින් 254 දෙනකු දැඩි ලෙස අවවාද කර තිබෙනවා. මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට විවිධ ආගමික කටයුතු සඳහා, සති අන්ත නිවාඩු, විනෝද චාරිකා, ඥාති නිවෙස් වලට පළාතෙන් පළාතට ගමන් කිරීම, ආදී වශයෙන් සමූහ වශයෙන් සිදුකරන චාරිකා තහනම් කර තිබෙනවා.

 

මීට අමතරව මහජනතාව පොදු වශයෙන් එක්රැස්වන වෙරළ තීර, ක්‍රීඩාංගණ ආදිය වසා තබන අතර 30 වනදා දක්වා පෙර පාසල්, දිවා සුරකුම් මධ්‍යස්ථාන, පාසල්, උපකාරක පන්ති, ගෘහස්ථ ක්‍රීඩාගාර, ව්‍යායාම් මධ්‍යස්ථාන, යන ආදී සියල්ල වසා දමා තිබෙනවා.

views

932 Views

Comments

arrow-up