පොලිතින් තහනමෙන් රිංගන්න හැදූ දැවැන්ත සමාගම දෙකකට නඩු

මේ වන විට ප්ලාස්ටික් හා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් රජය විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කර තිබෙනවා. එවන් පසුබිමක දී එම නීති නොතකමින් කටයුතු කළ සමාගම් දෙකකට විරුද්ධව කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
නව ගැසට් නිවේදනයට අනුව ග්‍රෑම් 20 ට අඩු සැෂේ පැකට් තහනම් කෙරුණි. එසේ තිබියදී එක් සමාගමක් විසින් කුඩා සැෂේ පැකට් හතරක් එකතු කරමින් 24ml නව පැකට්ටුවක් වෙළඳපොළට හඳුන්වා දී තිබුණි.
අනෙක් සමාගම විසින් මෙම තහනම ගණනකට නොගෙන සිය නිෂ්පාදන කටයුතු එලෙසම කරගෙන ගොස් ඇත.
ඒ අනුව මෙම සමාගම් දෙකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙන බව වාර්තා වේ.
source: Mawbima
893 Views
Comments