චීන ආරක්ෂක ඇමති දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

චීන ආරක්ෂක ඇමති දිවයිනට

චීන ආරක්ෂක ඇමති දිවයිනට

චීන ගුවන් හමුදාවට අයත් B 4026 දරණ ගුවන් යානයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ (27) රාත්‍රී 10.50 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියා.

 

චීන ආරක්ෂක ඇමතිවරයාව එහිදී පිළිගනු ලැබුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් විසිනි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව චීන රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

 

 

චීන ආරක්ෂක ඇමතිවරයා ඇතුළු දූත පිරිස අද දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

 

ඉන් අනතුරුව අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතයි.

 

පසුව චීන ආරක්ෂක ඇමතිවරයා මෙරටදී තවත් උත්සව අවස්ථා කිහිපයකට සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.

views

798 Views

Comments

arrow-up