විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නැවක් හම්බන්තොට වරායට, නැවට ඇතුළු වීමට නාවික හමුදාවට අවසර නොදේ.

ඊයේ දිනයේ දී හම්බන්තොට වරායට ඇතුළු වූ පරමාණුක ද්‍රව්‍ය රැගත් නැවක් පිළිබදව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
ඔහු පැවසුවේ මෙම නෞකාව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අවසර දී නොමැති බවයි. එමෙන්ම මේ පිළිබඳව සොයා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
පරමාණුක බලශක්ති අධිකාරිය විසින් මෙය ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබියදී ඉවත් කරගෙන නොමැති බවත් එයට හේතුව මෙරට තානාපති කාර්යාලයක බලපෑම නිසා බවත් ඔහු ආණ්ඩුවට චෝදනා කළා.
එමෙන්ම මෙහි සත්‍යය අසත්‍යතාව පිළිබඳව සොයා බලා අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළ සිටියේ ඊයේ රාත්‍රියේ දී හම්බන්තොට වරායට විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවක් පැමිණ තිබූ බවට තොරතුරු වාර්තා වී තිබෙන බවයි.
නෙදර්ලන්තයේ සිට චීනය බලා යන අතරතුර ඇති වූ දෝෂයක් හේතුවෙන් එය හම්බන්තොට වරායට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
නමුත් නෞකාවේ උපද්‍රවශීලී ද්‍රව්‍ය පිළිබඳව නිසි පරිදි තොරතුරු ලබාදී නොමැති බවද අනිල් රංජිත් මහතා ප්‍රකාශ කර සිටියා.
1183 Views
Comments