COVID එන්නත විෂවීමෙන් මෙරට පුද්ගලයන් තිදෙනෙක් මිය ගිය බව සෞඛ්‍ය ඇමතිවරිය පිළිගනී

කොරෝනා වෛරසයෙන් සඳහා මෙරට ඉදි ලබාදුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් 6 දෙනෙකු මෙරටින් වාර්තා වූ බවත් ඉන් 3 දෙනෙකු මියගොස් ඇති බවත් අද පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ප්‍රකාශ කළා.
කෙසේ නමුත් මෙම එන්නත නිසා රුධිරය කැටිගැසීමේ හේතුව මේ දක්වා පැහැදිලි කර ගෙන නොමැති බවද අමාත්‍යවරිය එහිදී පැවසුවා.
2021 ජනවාරි 29 වන දින සිට මේ දක්වා ලංකාවේ පුරවැසියන් ලක්ෂ 9 කට වැඩි පිරිසකට සෙනෙකා එන්නද ලබාදී තිබෙනවා.
එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිර කැටි ගැසීම හේතුවෙන් පුද්ගලයන් මිලියනයකට හතරක් හෝ පහක් මියයාම සාමාන්‍ය සිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණා
මීට පෙරද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් මෙලෙස රුධිර කැටිගැසීමේ සිද්ධීන් වලට ගොදුරු වූ අවස්ථා ලෝකය පුරාම අසන්නට ලැබුණා.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම නතර කරන ලෙස දන්වා නොමැත.
806 Views
Comments