මුළු ලංකාවම රතු වූ කොරෝනා වාර්තාව මෙන්න - දෙහිවල අධි අවධානමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

මුළු ලංකාවම රතු වූ කොරෝනා වාර්තාව මෙන්න - දෙහිවල අධි අවධානමේ

මුළු ලංකාවම රතු වූ කොරෝනා වාර්තාව මෙන්න - දෙහිවල අධි අවධානමේ

මෙරට තුළ එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 දින වාර්තා වුණා.

 

ඒ කොරෝනා ආසාදිතයින් 997 දෙනෙකු වශයෙනි.

 

මින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන ආසාදිතයින් 173 දෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ දෙහිවල ප්‍රදේශයෙනි.

 

ඒ රෝගීන් 18ක් ලෙසටය. කොළඹ දිස්ත්‍රික්කයේ දෙවනුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ හංවැල්ල ප්‍රදේශයෙනි. එහි අගය 17කි.

 

දෙවැනි වැඩිම රෝගින් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එහි අගය 170කි.

 

තෙවනව වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එහි අගය 92කි.මොනරාගල දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිතයින් 86 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

 

කුරුණෑගලින් 74ක්,මන්නාරමින් දෙදෙනෙකු, මාතරින් 32ක්, කෑගල්ලෙන් 16ක්, බදුල්ලෙන් 25ක්, අම්පාරෙන් 7ක්, අනුරාධපුරෙන් 15ක්, ත්‍රිකුණාමලෙන් 59, වවුනියාවෙන් 11ක්, නුවරින් 7ක්, නුවර එළියෙන් 22ක්, පුත්තලමෙන් 22ක්, යාපනයෙන් 17ක්, මාතලෙන් 66ක්, මඩකලපුවෙන් 3 හා රතනපුරෙන්, පොළොන්නරුවෙන් හා හම්බන්තොටින් එක් අයෙකු බැගින් කොරෝනා ආසාදිතයින් හමුව තිබෙනවා.

views

958 Views

Comments

arrow-up