නැවේ ගින්න පාලන මැදිරියටත් පැතිරෙයි - කොළඹ සිට මීගමුව වෙරළ ප්‍රදේශ වල ජනතාවට දැනුම්දීමක් (PHOTOS) (VIDEOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
25

නැවේ ගින්න පාලන මැදිරියටත් පැතිරෙයි - කොළඹ සිට මීගමුව වෙරළ ප්‍රදේශ වල ජනතාවට දැනුම්දීමක් (PHOTOS) (VIDEOS)

නැවේ ගින්න පාලන මැදිරියටත් පැතිරෙයි - කොළඹ සිට මීගමුව වෙරළ ප්‍රදේශ වල ජනතාවට දැනුම්දීමක් (PHOTOS) (VIDEOS)

පුපුරා යෑමකට ලක් වූ "එක්ස්ප්‍රස්  පර්ල්" රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය රජය වෙරළාරක්ෂක යාත්‍රා දෙකක්, ගුවන් යානයක් සහ ටග් යාත්‍රාවක් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.

 

සේම එම නෞකාවේ ඉදිරිපස ඇති වූ ගින්න පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙමින් පවතින අතර මුහුද රළු වීම නිසා, නෞකාව දකුණු පසට මදක් ඇලවී ඇතැයි නාවික හමුදාව පවසනවා.

 

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතිනවා. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරුණා.

 

ඇතිවී තිබෙන මෙම තත්ත්වය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ දැනුම් දීම මත ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත නෞකාවක් අද රාත්‍රිය වන විට මෙම ආපදාවට පත් නෞකාව ආසන්නයට පැමිණීමට නියමිතයි.

 

මීට අමතරව ගිනි නිවීමට භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය සහ තෙල් හානි වළක්වන රසායන ද්‍රව්‍ය රැගත් ඩෝනියර් ගුවන් යානාවක්ද ඇතිවන ඕනෑම අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් කර තිබේ.

 

එසේම බටහිර නාවික විධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියෙහි නිරීක්‍ෂණයක නිරත වූ නාවික හමුදාධිපති, බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ තත්ත්වය පිළිබඳ සමාලෝචනයක නියැලුනු අතර ඉදිරියේදී ගත යතු ක්‍රියාමාර්ග සම්බන්දයෙන් උපදෙස් ලබා දුන්නා තවද, පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ මුහුදේ රළු ස්වාභාවය මත මේ වන විට නෞකාව දකුණු පසට මදක් ඇලවී පවතී.

 

ඒ හේතුවෙන් නෞකාවේ ඇති ඇතැම් බහාලුම් මුහුදට වැටී ඇති අතර, ඉන් සමහරක් මුහුදේ ගිලී යන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරත වන ධීවර ප්‍රජාවට මෙම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතු වල නිරත ‍වන ලෙස නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.

 

ගිනි ගැනීමට ලක්වූ එක්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදට වැටී ඇති බහාලුම් හා කොටස් කොළඹ සිට මීගමුව දක්වා වෙරල තීරයට ගොඩ ගැසිය හැකි බැවින් රසායනික ද්‍රව්‍ය ඇති එම බහාලුම් හා අපද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙනවා.

views

2572 Views

Comments

arrow-up