ලුණු පිළිබඳව අර්බුදයක් නෑ - කලබල වී තොග රැස් කිරීමෙන් වළකින්න

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමකට ලක්වූ "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ තිබූ රසායනද්‍රව්‍ය සහ සුන්බුන් සාගර ජලයට එකතුවීම නිසා ඉදිරියේදී ලුණු නිෂ්පාදනයට බාධා ඇති විය හැකි බවට මේ දිනවල කටකතාවක් සමාජය තුළ පැතිරෙමින් පවතී.
නමුත් ලංකා ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳහරණ මහතා පවසන්නේ ලුණු පිළිබඳව කිසිදු අර්බුදයක් නොමැති බවයි. පර්ල් නැව නොව තවත් නැව දහයක් ගිනි ගත්තද ලුණු නිෂ්පාදනය බාධාවක් නොවන බව ඒ මහතා සඳහන් කරයි.
මම ජනතාවට බොහොම බොහෝම විශ්වාසයෙන් යුතුව කියනවා ලුණු පරිභෝජනයට කිසිදු බියක් ඇති කර ගන්න එපා කියලා. අද පමනක් නොවේ එදා ඉදන්ම විවිධ විෂ ද්‍රව්‍ය සාගර ජලයට මුසුව තිබෙනවා. මෙම ජලය කෙලින්ම ලුණු නිෂ්පාදනය ගන්නේ නැහැ. සාගර ජලය දින 45 ක් තිස්සේ වාෂ්පීභවනය කිරීමෙන් පසුවයි ලුණු නිශ්පාදන සදහා යොදා ගන්නේ. සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.
මේ වන විට රට තුළ ලුණු අතිරික්තයක් පවතී. දැනට අස්වනු නෙළීමේ කටයුතු සිදුකරන්නේද මීට මාස දෙකකට පමණ පෙර ලබාගත් සාගර ජලයෙනි.
ඒ අනුව "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවට සිදුවුණු අනතුර නිසා මෙරට ලුණු නිෂ්පාදනයට කිසිදු බලපෑමක් ඇති වී නොමැත.
1024 Views
Comments