අද සහ හෙට වැසි තත්වයේ වැඩි වීමක්

අද සහ හෙට දිනවල දිවයින නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම අද (08) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්ක වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද දිනයේදී ගාල්ල, කළුතර, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවත් කොළඹ, ගම්පහ, කෑගල්ල, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්ක වලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිවයින වටා සුලඟ විවේගය පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වැඩි විය හැකි බැවින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ, උතුර, උතුරු මැද, වයඹ පළාත් වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර දිස්ත්‍රික්ක 10ක වෙසෙන 219 870 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
954 Views
Comments