හිස් ප්ලාස්ටික් බෝතලය ගෙනත් දුන්නොත් රු.10ක් ආපසු - ඕනම කෙනෙක්ට අමතර ආදායමක්

750ml ක ප්ලාස්ටික් බෝතල් වලට විවිධ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන්ගෙන් රුපියල් 10ක තැන්පතු මුදලක් අය කිරීමට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය සඳහා පරිසර අමාත්‍යංශය වෙත යෝජනා ඉදිරිපත් වී ඇත.
එම ප්ලාස්ටික් බෝතල් නැවතත් ලබාදීමෙන් තැන්පත් කළ මුදල නැවතත් පාරිභෝගිකයන්ට ලබාගත හැකියි. මේ හරහා පරිසරයට මුදා හැරි ඇති හිස් බෝතලයක් එකතු කර දෙන ඕනෑම පුද්ගලයෙකුට අමතර ආදායමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙලෙස එක්රැස් කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නිෂ්පාදන සමාගම සමඟ එකතු වෙමින් ඒකාබද්ධ ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්තශාලාව පිහිටුවීම පිළිබඳවද රජයේ අවධානය යොමුව තිබේ.
5497 Views
Comments