කොළඹට එන වාහන සඳහා පාට පාට ස්ටිකර් ඇළවීම අත්හිටුවීමට නියෝග කළ ලොක්කා කවුද?

කොළඹට ඇතුළු වන වාහන සඳහා පාට 11කින් ස්ටිකර් ඇලවීමේ වැඩ සටහනේ දෙවන අධියර අද දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද ඉහළ නියෝගයකින් එය නැවතී ඇතැයි වාර්තා වෙනවා.
පාට 11 අතවශ්‍ය සේවකයින් ඛාණ්ඩ කොට කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදී මෙම ස්ටිකර් ඇළවීම ඊයේ ක්‍රියාත්මක වූ අතර එම නිසා කොළඹට ඇතුළු වන ස්ථානයන්ගේ කිලෝමීටර් 2,3 පෝලිම් හැදීමත් ජනතාව අපහසුතාවට පත් වීමත් හේතුවෙන් ජනාධිපතිවරයාම මෙය අත්හිටුවන ලෙසට පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකුට නියෝග කොට ඇතැයි ද සදහන් වෙනවා.
මේ නියෝගය හේතුවෙන් අද පෙරවරු 6 සිට උදෑසන 10 වන තෙක් ස්ටිකර් ඇළවීම ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් රුපියල් ලක්ෂ ගණතක් අපතේ ගොස් තිබෙනවා.
පොලිස් පොඩ්ඩන්ටත් මෙම ස්ටිකර් ඇළවීම මහත් හිසරදයක් වෙලා තිබුණේ.
ඊයේ පමණක් වාහන හැත්තෑ දහසකට අධික සංඛ්‍යාවකට ස්ටිකර් අළවල තිබෙනවා.
මේ වැඩසටහන වෙනුවෙන් පොලිස් ස්ථාන මට්ටමින් පොලිස් නිළධාරින් අලුයම 4.30 ට පමණ මාර්ගයට පැමිණ අදාළ සංවිධාන කටයුතු කිරීමට තිබු අතර මෙය පොලිසියට හිසරදයක් වී තිබුණා.
මෙම වැඩපිළිවෙළ ජනපති අණින් අත්හිටුවීමට ගත් තීන්දුවෙන් අද සාමාන්‍ය පරිදි රාජකාරි හැදුනුම්පත් හා ලිපි වලට කොළඹට ඇතුළු වීමට වාහන වලට අවසර හිමි වුණා.
කෙසේ නමුත් ඊයේ අලවපු ස්ටිකරය ඉදිරියට බලාත්මක බවද පොලිසිය කියා සිටිනවා.
1020 Views
Comments