"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන් එවූ email පණිවිඩ දේශීය සමාගම මකා දමා ඇති බව හෙළිවේ

ගිනිගෙන දැවුණූ "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන් විසින් මෙරටට ඇතුළු වීමට පෙර එහි දේශීය සමාගම වෙත එවන ලද ඊමේල් පණිවිඩ කිහිපයක් එම ආයතනයේ සේවකයෙකු විසින් මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඊයෙ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණයක් කළා.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙම නැව සත්‍ය වසන් කරමින් විවිධ පරස්පර විරෝධී ප්‍රකාශ ඉදිරිපත් කර මෙරටට ඇතුළු වී ඇති බවයි.
දැනට අනාවරණය වී ඇති කරුණු වලට අනුව මෙම නැවෙහි රසායනික ද්‍රව්‍ය කාන්දුව මැයි 10 වනදා සිට සිදුව තිබේ. ඕනෑම නෞකාවක් වරායකට ඇතුළු කිරීමට පෙර එහි යම්කිසි හානිකරද ද්‍රව්‍යයක් පවතීනම් ඒ පිළිබඳව දැනුම් දීම සිදු කළ යුතුව තිබේ. නමුත් මෙම නෞකාව කිසිදු රටකට ඇතුළුවීමට සුදුසු නොවන බව දැන දැනම නැවේ කපිතාන් සහ කාර්ය මණ්ඩලය එය මෙරට මුහුදු තීරයට ගෙන ඒමට කටයුතු කර ඇති බව අනාවරණය විය.
නැවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥයින් විසින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම පැමිණිල්ල නැවතත් එළඹෙන 15වන දින කැඳවීමට නියමිතයි.
1052 Views
Comments