ෆේස්බුක් ආරවුල දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකු කුරුසේ තබා ඇන ගැසු කපුවා කපෝති - තවත් දසදෙනකු පොලිස් දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

ෆේස්බුක් ආරවුල දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකු කුරුසේ තබා ඇන ගැසු කපුවා කපෝති - තවත් දසදෙනකු පොලිස් දැලේ

ෆේස්බුක් ආරවුල දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකු කුරුසේ තබා ඇන ගැසු කපුවා කපෝති - තවත් දසදෙනකු පොලිස් දැලේ

මුහුණු පොතේ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තරුණයන් දෙදෙනෙකු රැගෙන විත් කුරුසයේ ආකාරයට ඇණ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන කපුවෙකු ඇතුළු සමස්ත සැකකරුවන් 11 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

 මෙම ආරවුලට මැදි වූ එක් පාර්ශ්වයක් විසින් මෙම අමානුෂික ක්‍රියාව සිදුකර තිබෙනවා.

 

බලගොල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු මහනුවර අම්පිටිය ප්‍රදේශයට රැගෙනවිත් ලී කොටවල තබා මෙලෙස ඇණ ගසා ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

එක් පුද්ගලයකුගේ වම් අතට ලී කොටයක් තබා ඇණ ගසා ඇති අතර අනෙක් පුද්ගලයාගේ දකුණු අතට ඇණ ගසා කුරුසයේ මෙන් එල්ලීමට මෙම කල්ලි සාමාජිකයන් කටයුතු කර තිබෙනවා.

 

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු දේවාලයක කපුමහතකු බව හෙලිව තිබෙනවා.
 බලගොල්ල පොලිසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

views

12378 Views

Comments

arrow-up