ලක්ෂ 10ක් නිසා අමාරුවේ වැටුණු පොලිස් කොස්තාපල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

ලක්ෂ 10ක් නිසා අමාරුවේ වැටුණු පොලිස් කොස්තාපල්

ලක්ෂ 10ක් නිසා අමාරුවේ වැටුණු පොලිස් කොස්තාපල්

යාපනයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන යාපනය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

 

ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කළේ යැයි කියන සිද්ධියක සැකකාර පුද්ගලයකුගෙන් නඩු විභාගයේදී ඔහුට වාසි වන ආකාරයට උදව් කිරීමට බව පවසා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 

මෙම නඩුවේ සැකකාර පුද්ගලයා කළ පැමිණිල්ලක් අනුව කොමිසමේ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්යාපනය සන්තානසති පොල අසලදීවැටලීමක් සිදුකර පැමිණිලිකරුගෙන් අදාළ මුදල ලබාගත් බව කියන අවස්ථාවේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ද කොමිසමේ උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 

මෙම සිද්ධියේ පැමිණිලිකරු යාපනය මනිපායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු කටයුතු කරගෙන යති.

views

216 Views

Comments

arrow-up