සමිට් ෆ්ලැට් ඉඩම චීනෙට, දෙමටගොඩ අක්කර 5ක් ඉන්දියාවට - ආණ්ඩුවට ඩොලර් බිලියනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

සමිට් ෆ්ලැට් ඉඩම චීනෙට, දෙමටගොඩ අක්කර 5ක් ඉන්දියාවට - ආණ්ඩුවට ඩොලර් බිලියනයක්

සමිට් ෆ්ලැට් ඉඩම චීනෙට, දෙමටගොඩ අක්කර 5ක් ඉන්දියාවට - ආණ්ඩුවට ඩොලර් බිලියනයක්

කොළඹ ඉතාමත් වටිනා ඉඩම් දෙකක් විදේශීය සමාගම් වෙත බදු දීමට අදාළ ගිවිසුම් සකස් කර ඇතැයි “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කරයි. 

 

මෙම ඉඩම් දෙක බද්දට දීමෙන් රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්නය. 

 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර ඇත.

 

මේ අනුව ඉන්දීය ආයෝජකයෙකට දෙමටගොඩ ප්‍රදේශයේ අක්කර පහක ඉඩමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට බද්දට දීමට නියමිත අතර එහි පෞද්ගලික රෝහල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

 

චීනයේ හා ඩුබායි ඒකාබද්ධ ආයෝජනයක් ලෙසින් සමිට් ෆ්ලැට්හි නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අක්කර 10ක් බද්දට දීමට නියමිත අතර ඒ හරහා අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලයන 750ක්වේ.

 

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් සකස් කර තිබෙන අතර එවා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි “සන්ඩේ ටයිම්ස්” පුවත්පත කියයි.

 

එමෙන්ම කොළඹ කොටුවේ අක්කර 1.5ක් මැලේසියානු ආයේජකයෙක් වෙත මිශ්‍ර ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු ගැනීමට අදාළව ව්‍යාපෘති යෝජනාවක් මැලේසියානු ආයෝජකයෙක් විසින් ඉදිරිපත් කර ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 125කි.

 

ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් හෝටල් හා නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් චීන සමාගමක් වෙත බදු දීමට මේ වන විටත් අවධානය යොමුව ඇත.

views

1707 Views

Comments

arrow-up