ඔමික්‍රෝන් ආසාදිත කතගේ පවුලේ අය කොවඩ් එන්නත් ලබා නැහැ - පවුලේ සාමාජිකයින්ගේ තොරතුරු රැසක් එළියට

මෙරටින් පළමුවරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව සහ ඇගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.
ඇය ඇතුලු ඇයගේ පවුලේ සාමාජිකයින් කිසිවෙක් මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
ඔවුන් ආගමික මතවාදයක් දරණ කණ්ඩායමක සාමාජිකයින් බව වැඩිදුර සිදුකළ සොයා බැලීම් වලදි අනාවරණ වී තිබේ.
එම කාන්තාව පසුගියදා නයිජීරියාව බලා පිටත්ව ගොස් තිබෙන්නේ ද එම ආගමික මතවාද දරණ කණ්ඩායමේ සම්ළුවකට සහභාගී වීම සඳහා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය.
එම සමුළුවට අප්‍රිකානු රටවල් රැසක තරුණ පිරිස් සහභාගී වි තිබෙන අතර එම සමුළුව නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සංවිධාන කර නොතිබූ බවත් අදාළ කාන්තාව සඳහන් කළ තිබේ.
කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් මෙම කාන්තාව දිවයිනෙන් පිටත්ව යාම සහ නැවත දිවයිනට පැමිණියේ කෙසේද පිළිබඳව ගැටළු සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
මේ සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටුවට පැමිණිලි කරන බවත් එම සංගමය සඳහන් කළේය.
763 Views
Comments