37 හැවිරිදි මව දරු පස්දෙනා මහ මග දමා අනියම් සැමියා සමඟ පැන යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

37 හැවිරිදි මව දරු පස්දෙනා මහ මග දමා අනියම් සැමියා සමඟ පැන යයි

37 හැවිරිදි මව දරු පස්දෙනා මහ මග දමා අනියම් සැමියා සමඟ පැන යයි

වාරියපොල, අඹකඩවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක කුඩා දරුවන් 05 දෙනෙකු අතරමං කර දමා පලා ගිය 37 හැවිරිදි මවක් අත්අඩංගුවට ගැනීම සඳහා වාරියපොල පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පුළුල් පරීක්‍ෂණයක් අරභා තිබේ.

 

මෙම දරුවන් වයස අවුරුදු 2, 4, 6, 8, 10 පසුවන දරුවන් වන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු වන බවත් පොලිසිය පවසයි.

 

පෙරේදා(04) අඹකඩවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක දරුවන් පස්දෙනෙකු සිටින බවට එම ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත එම ස්ථානයට ගිය වාරියපොල පොලිසියේ නිලධාරීන් එම දරුවන් සිය භාරයට ගෙන ඇත. 

 

තම මව අදාළ අතුරු මාර්ගයට රැගෙනවිත් දමා පිටව ගිය බව වැඩිමල් දරුවන් පොලිසියට පවසා ඇත. 

 

මෙම කාන්තාව අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සමඟ පලාගොස් ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කියයි.

 

දරුවන් සියලූදෙනා පරිවාස භාරයට පත් කිරීමට නියමිත බව පවසන පොලිසිය දරුවන් අතරමං කර දමා පලාගිය මව සොයා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

වාරියපොල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

14724 Views

Comments

arrow-up