මුඛ ආවරණය සොයා කොළඹ හදිසි මෙහෙයුම් - 3000 කට දැඩි අවවාද
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

මුඛ ආවරණය සොයා කොළඹ හදිසි මෙහෙයුම් - 3000 කට දැඩි අවවාද

මුඛ ආවරණය සොයා කොළඹ හදිසි මෙහෙයුම්  - 3000 කට දැඩි අවවාද

කොරෝනා නැවත හිස එසවීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුම් පොලිසිය විසින් ආරම්භ කොට තිබෙනවා.

 

මෙම මෙහෙයුම් වලදී වඩාත් සොයා බැලෙන්නේ මුඛ ආවරණ නිසි පරිදි පළඳිනවා ද යන්නයි.

 

මීට අදාළ මෙහෙයුම්  ඊයේ දින සිදු කොට ඇති අතර එහිදී ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වල ගමන් ගත් පුද්ගලයින් දස දහසකට ආසන්න පිරිසක් පරික්ෂා කොට ඇති අතර එහිදී මුඛ ආවරණ නොපැළදි තුන්දහසකට ආසන්න පිරිසකට පොලිසිය අවවාද කොට මුදා හැර තිබෙනවා.

 

එසේම කාර්යාල තුළ නිසි පරිදි සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට යටත්ව වැඩ කටයුතු සිදු වෙනවාද යන්න ද මෙම මෙහෙයුම් වලදී සොයා බලන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 

විශේෂයෙන් මහජනතාව එක්රැස් වන පොදු ස්ථානයන් හි මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන බවයි පොලිසිය  වැඩිදුරටත් කියා සිටින්නේ.

views

736 Views

Comments

arrow-up