15 හැවිරිදි දැරිය ගැබිනියක කළ 20 හැවිරිදි තරුණයාට වරෙන්තු - අනුබල දුන් මව රිමාන්ඩ්

තෙමස් ගැබිනියක වූ පහළොස් හැවිරිදි බාල වයස්කාරියක කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබන ලෙසත් ඇය ගැබිනියක කළ සැකකරුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසත් ඒ සඳහා ආධාර අනුබල දුන් සැකකරුගේ මව ලබන 12 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් නියෝග කළාය.
මෙම දැරියගේ මව විදේශ ගතව සිට ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන ඇත. එමනිසා මිත්තණිය භාරයේ සිටි දැරිය සැකකාර විසි හැවිරිදි තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබේ.
මීට මාස කිහිපයකට පෙර සැකකරු ඇය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇත.
අනතුරුව දැරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පරිවාස අධික්ෂණය යටතේ මිත්තණියගේ භාරකාරත්වයට පත් කර තිබේ.
මේ අතර සැකකරු යළිත් ඇයව නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කර තිබෙන අතර දෙවන වරට ද ඇය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැරිය සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසයි.
ඒ අනුව දැරිය ළමා නිවාසයේ රඳවා තැබීමටත් ඇය දූෂණය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුගේ මව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් සැකකරුට වරෙන්තු නිකුත් කිරීමටත් අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
48382 Views
Comments