ඥානසාර හිමිට කාන්තන්කුඩියේදී ලැබුණු පිළිගැනීම

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීමට කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී පසුගිය 04 වනදා පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගත්හ.
එම වැඩසටහන සඳහා එම බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය, සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්ම මහක්මීහූද සහභාගි වී සිටියහ.
විවිධ පාර්ශවයන් දරණ අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගෙන එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් එම බලකාය පත්කර තිබේ.
815 Views
Comments