නිරෝධායන නීති කැඩූ ෆෙස්බුක් මත් සාදයේ 12දෙනා සහ නයි බණ්ඩා රිමාන්ඩ්

වැලිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගිය 21 වන දින පැවැත්වූ බව කියන ෆෙස්බුක් සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් දොළොස්දෙනෙකු සහ මෙම සාදය පැවැත්වීමට අනුබල දීම සහ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් “නයිබංඩා” යන අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
පොලිසිය පවසන්නේ ගංජා කොකේන්, අයිස්, හෑෂ්, පුස්, මත්ද්‍රව්‍යද මෙම සාදයේ තිබුණු බවයි.
සැකකරුවන් අම්පාර, කොළඹ, මැදිගම, හබරාදුව, මිදිගම, තිස්සමහාරාම, රස්සන්දෙනිය පදියතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාතර, කොටවිල, දිල්වැල්ල, ගන්දර යන පොලිස් ස්ථානවල රැඳවුම් නියෝග මත රඳවා ප‍්‍රශ්නකර තිබේ.
753 Views
Comments