රැල්ල පා ගන්න වෙරළට ගිය දෙදරු මව මුහුදට බිලිවෙයි

දෙදරු මවක් ඊයේ(21) දහවල් එකට පමණ මාරවිල, මුදුකටුව පදිංචි සිය දියණියගේ නිවසට පැමිණි අවස්ථාවේ මාරවිල මූදුකටුව මුහුදු වෙරළේ රැලි පාගමින් සිටින අතර මුහුදු රැල්ලකට ගසාගෙන ගොස් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මාරවිල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ කොළඹ, බත්තරමුල්ල දුටුගැමුණු මාවතේ පදිංචිව සිටි පහලගෙදර ආරච්චිලාගේ චාමි කාංචනා නැමැති 46 හැවිරිදි දෙදරු මවකි.
ඇගේ 15 හැවිරිදි පුතාද මුහුදට ගසා ගෙන ගොස් තිබෙන අතර දෙදෙනාම ප්‍රදේශවාසීන් ගොඩට ගෙන ඇතත් මව මියගොස් ඇත. පුත්‍රයාගේ බේරා ගත හැකිවී තිබේ.
මෙම මව සහ පුත්‍රයා පසුගිය 20 වනදා කොළඹ, බත්තරමුල්ලේ සිට දියණිය හා බෑනා වෙසෙන මුදුකටුව රෝමන් පාක් හී නිවසට පැමිණ තිබේ.
ඔවුන් අනතුර සිදුවූ දින දහවල් විනෝදයට රැලි පෑගීමට මුහුදු වෙරළට ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.
මේ දිනවල මුදු රැල්ල ප්‍රචණ්ඩව පවතින බැවින් මුහුදු රැකියාවද අතහැර දමා ඇතැයි ධීවරයින් පවසයි.
945 Views
Comments