ජනප්‍රිය ගායන ශිල්පී ගාමිණි සුසිරිවර්ධන දිවියෙන් සමුගනී

ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අභාවප්‍රාත්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට 58 වැනි වියෙහි පසුවිය.
සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පැමිණ ගායන ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු ”දන්නවද මං දුකින්” , ”ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි”, ”රතු මැණිකේ” ආදී ගීත ගණනාවක් ගායනා කළේය.
එමෙන්ම ඔහු ‘මගෝ ඩිගෝ ඩයි‘ චිත්‍රපටයටද රංගනයෙන් දායක විය.
ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.
එ මහතාගේ දේහය බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ ඊයේ(14) සවස 4.00 සිට තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු අද(15) සවස 5.00ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
782 Views
Comments