නිවසට නැමුණු පොල් ගස බැඳීමට ගිය පුද්ගලයා පොල්ගස සමඟ බිමට වැටී මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

නිවසට නැමුණු පොල් ගස බැඳීමට ගිය පුද්ගලයා පොල්ගස සමඟ බිමට වැටී මරුට

නිවසට නැමුණු පොල් ගස බැඳීමට ගිය පුද්ගලයා පොල්ගස සමඟ බිමට වැටී මරුට

නිවසට නැමී අනතුරුදායක අයුරින් පිහිටා තිබූ පොල් ගසක් කම්බියකින් ඇද බැඳ දැමීමට ගසට නැගි අවස්ථාවේ එම ගස මුලින් ඉදිරී යාබද නිවසක් මතට වැටී අඩි තිහක් පමණ උසින් බිමට වැටුණු පුද්ගලයෙකු ඊයේ(21) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ හෝමාගම, ශ්‍රී මහින්ද මාවතේ පදිංචි පෙරුම්බුලි ආරච්චිගේ සිරිදාස හැවිරිදි 69 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

 

හෝමාගම රෝහල ආසන්නයේ පිහිටි ඉඩමක යාබද නිවසකට අනතුරුදායක ආකාරයෙන් පිහිටා තිබූ පොල් ගසක් කම්බියකින් ඇද ගැට ගැසීමට තවත් පුද්ගලයෙකු සමඟ ගොස් ගසට නැග කම්බිය ගැට ගැසීමට සූදානම් වූ අවස්ථාවේදී නැග සිටි පොල් ගස මුලින් ඉදිරී යාබද නිවසේ වහලය මතට වැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

 

ඒත් සමඟ අනතුරටපත් පුද්ගලයා අසල්වාසීන්ගේද සහය ඇතිව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 

එහිදී මූලික ප්‍රතිකාර ඒකකයේ  වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කොට පවසා තිබෙන්නේ ඔහු මිය ගොස් ඇති බවයි.

views

971 Views

Comments

arrow-up