NOV
22
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ්

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරඟාවලිය සඳහා සහභාගී වීමට සිම්බාබ්වේ බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හඳුනාගෙන තිබේ.
කණ්ඩායම් 09ක් එම තරඟාවලිය සඳහා සහභාගී වන අතර එය ඊයේ(21) ඇරඹිනි.
එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම නිසා සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුව ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනාද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
732 Views
Comments