කන්න දීපු ව්‍යාපාරිකයාගේ අත සපාකෑ ගුණමකු පුද්ගලයා ඇතුලු තිදෙනෙක් කූඩු

නිවසියන් නොමැති අවස්ථාවක නිවසේ ජනේලයක් ගලවා ඇතුලුවී රුපියල් දොළොස් ලක්ෂ විසිහය දහසක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධව පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.
ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මොරගහහේන ප‍්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් අය අතර ගෝනපොළ ප‍්‍රදේශයේ තරුණයෙකු සහ අටුලූගම සහ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රන් භාණ්ඩ ව්‍යාපාරිකයින් දෙදෙනකු ද වන බව පොලිසිය පවසයි.
නිවසේ ජනේලයක ග‍්‍රිල් එක උල් ආයුධයකින් ගලවාදමා නිවසට ඇතුළුවී අල්මාරියේ සහ බෑගයක බහා තිබූ රන්මාල, අත් පළඳනා, වළලූ, මුදු, කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සහ මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සොරකම් කර ඇති බවට ප‍්‍රධාන සැකකරු අනාවරණය කර ඇතැයි පොලිසිය කියයි.
එම රන් ආභරණ රුපියල් එක් ලක්ෂ හැට දහසකට අටුලූගම සහ බැල්ලපිටිය ප‍්‍රදේශයේ දෙදෙනකුට විකුණා තිබියදී සොයාගෙන ඔවුන්ද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.
පැමිණිලි කර ඇති ව්‍යාපාරිකයා විසින් කුඩාකල යන එන මං නොමැතිව අසරණව සිටි ප‍්‍රධාන සැකකරුව හදාවඩාගත් බවත් එබැවින් ඔහු එම නිවස පිළිබඳ මනා අවබෝධයකින් සොරකම කර ඇති බවත් පරීක්ෂණවලදී තහවුරු වූ බව වැටලීම සිදුකල නිලධාරියෙකු පැවැසීය.
සැකකරුවන් තිදෙනා පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
6006 Views
Comments