උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

අධිරජ ධර්මාශෝක රජු හා දේවානම්පියතිස්ස රජු අතර රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 237 දී මෙරටට වැඩම කරනු ලැබීය.  ඒ අද(24) වැනි පොසොන් පොහොය දිනකදීයි. 

 

 

ශ්‍රී ලංකාවේ ආගමික, සමාජ, සංස්කෘතික හා දේශපාලනික යන සෑම අංශයකම සංවර්ධනයක් හා පරිවර්තනයක් ඇති කිරීමට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය පිටිවහලක් වීය. 

 

 

මහින්දාගමනය මෙන්ම පොසොන්  පුර පසළොස්වක පොහොය දින ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස සැලකේ. 

 

 

තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදු වූයේද අද වැනි පොහොය දිනක බව ඉතිහාසයේ සඳහන්ය. 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහණ උපසම්පදාව වන බණ්ඩුක උපාසක උපසම්පදාව සිදුවන්නේද අද වැනි පොහොය දිනයකය. 

 

 

වෙනත් වසරවල මෙන් නොව පවතින කොවිඩ් තත්වය නිසා සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් නිවසේ සිට මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහොය සමරනු ඇත. 

views

768 Views

Comments

arrow-up