කිරිපිටි මිල ඉහළ නැංවීමට ඉල්ලීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

කිරිපිටි මිල ඉහළ නැංවීමට ඉල්ලීම්

කිරිපිටි මිල ඉහළ නැංවීමට ඉල්ලීම්

කිරිපිටි මිල වැඩි කරන ලෙස ආනයනික කිරිපිටි සමාගම් විසින් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

 

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින් ද  කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350 කින්ද ඉහල දමන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා. 

 

මෙම ඉහළ දැමීමට හේතුව ලෙස කිරිපිටි සමාගම් විසින් පෙන්වා දී ඇත්තේ ඩොලරයේ අගය ඉහළ යාම හා ඇමරිකානු ඩොලර් 2800 ක් ව පැවති ලෝක වෙළදපළේ කිරිපිටි ටොන් එකක් මේ වන විට ඩොලර් 4300 දක්වා ඉහළ යාමයි.

 

කෙසේවෙතත් පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව පත්ව සිටින දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ එවැනි අවසර දීමක් සිදු කළ නොහැකි බවයි.
 

views

763 Views

Comments

arrow-up