JUN
10
මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි - (VIDEO)

මෙරට දී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාබාලතම මරණය ඊයේ දිනයේ දී තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිලිඳෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කළේ.
මෙම බිළිඳා කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ගම්පොළ මූලික රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර බිළිඳා මිය ගොස් ඇත්තේ පසුගිය 27 වැනිදායි. මෙම මරණය කොවිඩ් ආසාදිත මරණයක් බවට තහවුරු කර තිබුණේ ඊයේ (09) දිනයේදීයි.
1489 Views
Comments