මුව ආවරණ, අත් ආවරණ, ආහාර ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 26 ක් හෙට වර්ජනයේ

මෙරට සෞඛ්‍ය වෘත්තිය සමිති 26ක් හෙට දිනය තුළදී සිය ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සමග කටයුතු කිරීමට අවශ්‍ය PPE Kit, මුව ආවරණ, අත් ආවරණ, සහ අඛණ්ඩ සේවයේ නිරත වන සෞඛ්‍ය සේවකයන් සඳහා ආහාර වැනි ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හෙට (11) උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සූදානම්ව තිබෙනවා.
අදාල වර්ජනය සඳහා කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන රෝහල් සහ ළමා රෝහල් 15 ක් එකතු නොවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසුවේ.
අදාල වර්ජනය සඳහා රජයේ විකිරණවේදී හා විද්‍යා තාක්ෂණවේදී සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ වෘත්තීය සමිති 26 ක් එක්වීමට නියමිතයි.
1278 Views
Comments