දෙල්ගොඩම කම්පා කළ සංවර්ධන නිලධාරිනියගේ අමානුෂික ඝාතනයට ඇත්තම හේතුව මොකද්ද ? නාන කාමරයෙන් හමුවූ සාක්ෂි මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

දෙල්ගොඩම කම්පා කළ සංවර්ධන නිලධාරිනියගේ අමානුෂික ඝාතනයට ඇත්තම හේතුව මොකද්ද ? නාන කාමරයෙන් හමුවූ සාක්ෂි මෙන්න

දෙල්ගොඩම කම්පා කළ සංවර්ධන නිලධාරිනියගේ අමානුෂික ඝාතනයට ඇත්තම හේතුව මොකද්ද ? නාන කාමරයෙන් හමුවූ සාක්ෂි මෙන්න

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකිර්ණයක පිහිටි සුවිසල් නිවසක තනිව පදිංචිව සිටි තරුණියක් සාහසිකයෙකු විසින් ඇයගේ නිවෙස තුලදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේවන විට දීර්ඝ විමර්ශනයක් සිදු කරගෙන යන්නේ එම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහාය.

 

මෙම ඝාතනය සිදුව ඇත්තේ ජුලි 12 වැනිදාය.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ලංකා ගනේෂි පනාපිටිය මෙනෙවිය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළාය. 

 

ඇයගේ බාල සොයුරියද පදිංචිව සිටින්නේ ලංකාගේ නිවෙස ඉදිරිපිටයි.

 

ජුලි 12 වැනිදා රාත්‍රියේ “ලංකා අක්කාගේ” නිවසේ විදුලි පහන් දල්වා නොතිබීම සහ ඇගේ නිවසේ ඉහළ මාලයේ ජනේලයක් විවෘතකර තිබීම ගැන සැකයක් ඇති වූ නිසා ලංකාගේ නැඟනිය මේ ගැන සිය සැමියාට පවසා ඇති අතර සැමියා ලංකාගේ නිවෙස විවෘතකර තිබුණු ජනේලයෙන් නිවස තුල ඝාතනය කර තිබුණු අයුරු දැක ඒ ගැන පොලිසියට පැමිණිලිකර තිබිණි.

 

වහා ක්‍රියාත්මක වූ මීගහවත්ත පොලිසිය පොලිස් කණ්ඩායමක්ද සමග ඝාතනයට ලක්වූ ලංකා ගනේෂි මෙනවියගේ නිවෙසට පැමිණ විමර්ශන ආරම්භ කරන ලදි.

 

එම ප්‍රදේශයේ ගැවසුණු පොල් කඩන පුද්ගලයෙකු ගැන පොලිසියේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සැකයක් මුලින් එල්ලවී තිබිණි.

 

ඒ අතරතුර කැලණිය කොට්ඨාසයේ අපරාධ පරික්ෂණාගාරයේ පොලිස් පරික්ෂක එස්. ඒ. සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායම ලංකා ගනේෂි මෙනෙවියගේ නිවෙසේ සහ ඇගේ ඝාතනය සිදුවී තිබුණු ස්ථානයේ සිදුකරන ලද පරික්ෂණවලින් සැක කටයුතු ඇඟිලි සලකුණු 22ක් සොයා ගෙන තිබිණි.

 

ගනේෂි මෙනවියගේ නිවෙසේ නාන කාමරයක තිබුණු රෝම කූප දෙකක්ද සොයා ගැනීමට පොලිස් පරික්ෂක සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායම සමත්විය.

 

ලංකා ගනේෂි මෙනවියගේ නිවෙසට 11 වැනිදා සොරෙකු ඇතුළු වී තිබුණු අතර ඒ අවස්ථාවේදි ගනේෂි මෙනවිය නිවසට පැමිණි බැවින් කලබල වූ සොරා පළා ගොස් තිබිණි.


 
ඊට පසුදින එනම් ජුලි 12 වැනිදා ඇයගේ නිවෙසට ඇතුළු වී ඇත්තේ මේ සොරාම බවට පොලිසිය සැක කරයි. විමර්ශන නිලධාරින් සැක කරන අන්දමට සොරා එදින නිවෙසට ඇතුළු වී ඇත්තේ එම නිවෙසේ කිසිවෙකු නොමැති බව සිතාගෙන වුවත් නිවසට ඇතුළු වු සොරා ලංකා ගනේෂි මෙනවිය නිවසේ නිදා සිටින අයුරු දැක කලබලවී මේ ඝාතනය සිදු කර ඇති බවට සැක කෙරේ.

 

මේ පුද්ගලයා එදින දහවල් 12ට පමණ මහමඟ ගමන් කරන අයුරු සටහන් වූ ආවේක්‍ෂණ කැමරා දර්ශනද පොලිසිය විසින් මේ වන විට සොයා ගෙන ඇත. 

 

එම දර්ශනවල සිටින්නේ 11 වැනිදා ගනේෂිගේ නිවෙසට රිංගු පුද්ගලයාම බවට සැක කරන්නේ දර්ශනවලට අනුව මේ එම පුද්ගලයා බව හෙළිවීම නිසාය.

 

12 වැනිදා උදෑසන 9.15ට පමණ ලංකා ගනේෂිගේ සොයුරිය ලංකාට විටින් විට දුරකතන ඇමතුම් ලබා ගෙන ඇතත් ඇය ඊට ප්‍රතිචාර දක්වා නොමැත. 

 

දහවල් 11ට පමණ ගත් ඇමතුම විසන්ධි කර තිබිණි. ඉන් අනතුරුව දුරකතනය දිගටම විසන්ධි වී තිබිණි.

 

ලංකා ගනේෂි මෙනවිය බියගම මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ ඝාතනය ගැන කම්පාවට පත් ඇගේ මිතුරු මිතුරියන් ලංකාගේ ෆෙස්බුක් පිටුවේ සංවේදි සටහන් ගණනාවක් තබා තිබිණි.

 

”‍ආදරණීය ලංකා පුතේ ඔයා මගේ කඩුවෙල යෝග පන්තියේ ආදරණීය දරුවෙක් කොයිතරම් ලස්සන ජීවිතයක් ද ඔයාට තිබ්බේ. ඒත් හොරෙකුට පුළුවන්ද මේ විදියට ඔයාගේ ජීවිතය හොරා ගන්න. ඔයාට නිවන් සුව පුතේ”‍

 

එලෙස ඇයට නිවන් සුව පතා තිබුණේ ඇගේ ගුරු මාතාවකි.

 

සිදුකරන පොලිස් විමර්ශන අනුව ලංකා ගනේෂි ඝාතකයා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක්ද අප කළ විමසීමකදී පැවසීය.

 

කැලණිය කොට්ඨාස බාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ උපදෙස් මත මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් ඇතුලු නිලධාරීන් මේ ඝාතනය ගැන වැඩිදුර විමර්ශන සිදු කරති.

views

38911 Views

Comments

arrow-up