අලුතෙන් තවත් ණයක් ගන්න සැරසෙන රජය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

අලුතෙන් තවත් ණයක් ගන්න සැරසෙන රජය

අලුතෙන් තවත් ණයක් ගන්න සැරසෙන රජය

ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හෝ ගොස් ණයක් ලබාගන්නා ලෙස අමාත්‍යවරුන් කිහිපදෙනෙකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

 

ඒ අනුව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ පසුගිය (15) පැවති කැබිනට් රැස්වීමේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.

 

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඩොලර් හිඟය, ඉන්ධන ආනයනය කිරීමට ද අහිතකර අන්දමින් බලපා ඇති බව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

 

කෙසේ වෙතත් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමතිවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගතහොත් ඔවුන්ගේ කොන්දේසිවලට අනුගත වීමට සිදුවනු ඇති බවයි.

views

775 Views

Comments

arrow-up