ඉඩම ඉල්ලා මවගේ ගෙල කැපූ අජාසත් පුතා අත්අඩංගුවට - මීට පෙර ඉඩමක් ලියා දීලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

ඉඩම ඉල්ලා මවගේ ගෙල කැපූ අජාසත් පුතා අත්අඩංගුවට - මීට පෙර ඉඩමක් ලියා දීලා

ඉඩම ඉල්ලා මවගේ ගෙල කැපූ අජාසත් පුතා අත්අඩංගුවට - මීට පෙර ඉඩමක් ලියා දීලා

මව සතු ඉඩම් කිහිපයක් තම දියණියන් දෙදෙනාට සහ පුතාට නීත්‍යානුකූලව පැවරීමෙන් පසුව මවට අයිතිව තිබූ තවත් ඉඩමක් තමන්ට පවරාදෙන ලෙස පුතා කළ ඉල්ලීම මව නොසලකා හැරීම හේතුවෙන් කෝපයට පත් එම අජාසත් පුතා පොල් කඩන පිහියකින් මවගේ ගෙල කපා ඝාතනය කිරීමේ ශෝකජනක පුවතක් පඬුවස්නුවර ආසන්නයේ බරම්පොල ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ හෙට්ටිපොල පොලිස් වසමට අයත් බරම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි අප්පුහාමි ආරච්චිලාගේ සුමනාවතී මැණිකේ නමැති හැටඅට හැවිරිදි(68) තිදරු මවකි.

 

ඝාතනය සිදුකළ පුතා ඔහුගේ බිරිඳ හා දරුවෙකුද සමඟ බරම්පොල ඝාතනයට ලක්වූ මවගේ නිවසේම පදිංචිව සිට ඇති අතර ඉතිරිව ඇති ඉඩම තමාට පවරාදෙන ලෙස පුතා නිතරම මවට බලපෑම් කර මව සමඟ ආරවුල් ඇතිකරගෙන පහරදීම් පවා සිදුකර ඇති බවට පොලිසිය සිදුකර ඇති පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. 


තම සැමියා පොල් කඩා ජීවත්වන බවත් මෙම ඝාතනය සිදුවූ දා රාත‍්‍රියේ ඔහු මව සමඟ ඉඩම මුල් කරගෙන බහින්බස් වූ බවත් ඔහුගේ බිරිඳගෙන් කළ ප්‍රශ්නකිරීමේදී අනාවරණය වි තිබේ.

 

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව හෙට්ටිපොල පොලිසිය විසින් මෙහි පරීක්‍ෂණ කටයුතු සිදුකල මියගිය කාන්තාවගේ මළ සිරුර මෙම නිවස තුළම තිබියදී සොයාගෙන තිබේ. 

 

සැකකාර පුද්ගලයා එම නිවස තුළ නිදාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධව හෙට්ටිපොල පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය හෙට්ටිපොල මහෙස්ත්‍රාත් දුලංගිකා ජයසිංහ මහත්මිය විසින් සිදු කෙරිනි.

views

956 Views

Comments

arrow-up