අලි ගැටළුවක් - ඉෂිනි වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත්වෙයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
පසුගියදා නඩු තීන්දුවක් මගින් දැනට රජය විසින් රඳවාගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය විරෝධය පලකර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසන්නේ පෞද්ගලික හේතුවක් මත ඇය ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය භාරදුන් බවයි.
845 Views
Comments