පලමු තරගයයේ තියුණු ජයක් ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වී ඇත.
තරගයේ වීරයා ලෙස ශතකයක් රැස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා අවිශ්ක ප්‍රනාන්දු හිමිකරගන්නා ලදි.
742 Views
Comments