අත්බෝම්බ පෙමට දඩ හා සිරදඬුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

අත්බෝම්බ පෙමට දඩ හා සිරදඬුවම්

අත්බෝම්බ පෙමට දඩ හා සිරදඬුවම්

තම පෙම්වතිය පේ‍්‍රම සම්බන්ධතාවයට අකමැති වුණැයි කෝප වී පෙම්වතියගේ නිවසට ගොස් ජීව අත්බෝම්බයක් පෙන්වා පෙම්වතිය ඇතුළු නිවැසියන් බියගැන්වූ පුද්ගලයකුට වසර දෙකක සිර දඬුවම් හා රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.

 

සූරියවැව පාසල් මාවතේ පදිංචි 31 හැවිරිදි මලවීරආරච්චි පටබැඳිගේ ජගත් නමැති අවිවාහක තරුණයකුට මෙලෙස දඩ හා සිර දඬුවම් නියම විය.

 

දඬුවම් හිමිවූ මෙම පුද්ගලයා සූරියවැව ප‍්‍රදේශයේ පදිංචි සිය ඥාති දියණියක සමඟ කලක් පේ‍්‍රම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පෙම්වතිය ඔහු හා විවාහවීම ප්‍රතික්ෂේප කර ඇත.

 

චුදිතයා අවස්ථා කිහිපයකදීම සිය පෙම්වතියගෙන් යළි පේ‍්‍රමය ඉල්ලා සිටියත් පෙම්වතිය එය දිගින් දිගටම ප‍්‍රතික්ෂේප තිබෙන අතර ඊට කෝපාවිෂ්ඨ වූ මෙම පුද්ගලයා 2013.01.07 දින පෙම්වතියගේ නිවසට ගොස් පෙම්වතිය බදාගෙන ජීව අත්බෝම්බයක් පෙන්වා නිවැසියන් බියගන්වා ඇත.

 

එහිදී ක්‍රියාත්මක වු පෙම්වතියගේ නිවැසියන් ඔහු අත තිබූ විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බය උදුරා විසිකර තිබේ.

 

සැකකරු හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව පීඩාකාරී ආයුධයක් වන අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීමේ වරද මත හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි.

 

ඒ අනුව පැවති නඩු විභාගයේදී අදාල පුද්ගලයා ලද මුල්ම අවස්ථාවේදීම විවෘත අධිකරණයේ වරද පිළිගන්නා ලදී. ඒ අනුව ඔහුට දඩය හා සිර ඳඩුවම් හිමිවිය.

views

2494 Views

Comments

arrow-up