අගමැතිට සුව ධරණී ඹෟෂධ මංජුසාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

අගමැතිට සුව ධරණී ඹෟෂධ මංජුසාව

අගමැතිට සුව ධරණී ඹෟෂධ මංජුසාව

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පිළිගැන්වීම ඊයේ(28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

 

 

දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් මෙසේ අග්‍ර්‍රාමාත්‍යවරයාට මංජුසාව පිළිගන්වන ලදි.

 

 

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරිව හඳුන්වා දුන් සුව ධරණි ආයුර්වේද ඖෂධ මංජුසාව, සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳ යන ඖෂධවලින් සමන්විත ය.

 

 

මෙහිදී පලවෙනි අදියර යටතේ දිවයිනේ විහාරස්ථාන,ආගමික ස්ථාන වලටද දෙවන අදියර යටතේ ප්‍රාදේශි ලේකම් කාර්යාල ඔස්සෙ ජනතාවටද ⁣නොමිලේ බෙදා දීමට නියමිතය.

views

860 Views

Comments

arrow-up