ගසේ අතුකපමින් සිටි තරුණයා තමා දැල්වූ ගිනි මැලයටම වැටී පිළිස්සී මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

ගසේ අතුකපමින් සිටි තරුණයා තමා දැල්වූ ගිනි මැලයටම වැටී පිළිස්සී මරුට

ගසේ අතුකපමින් සිටි තරුණයා තමා දැල්වූ ගිනි මැලයටම වැටී පිළිස්සී මරුට

කොස්ලන්ද, හිවල්කඳුර රෝස්බෙරි වත්තේ පදිංචි තරුණයෙකු ගිනිමැලයකට වැටී පිළිස්සීමෙන් පසුගිය 20 වනදා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ ශිවරාජ් රවි චන්ද්‍රන් නැමති තිස් හැවිරිදි තරුණයෙකි. 

 

ඔහු ඉකුත් 14 වැනිදා වත්ත පවිත්‍ර කොට කොළරොඩු එකතු කොට ගිනි තබා ඇත. 

 

ගිනිමැලය අසල ගසකට නැඟ අතුකපමින් සිටි ඔහු තමා දැල්වූ ගිනිමැලයට වැටී ඇත. 

 

ගින්නෙන් දැඩි ලෙස පිළිස්සුණු තරුණයා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. 

 

සිද්ධිය සම්බන්ධව කොස්ලන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

804 Views

Comments

arrow-up