“ජනතාව කඳුළු සාගරයක ගිල්වා මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල යෙදෙමින් ප්‍රීති සාගරේ”- රංගේ බණ්ඩාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

“ජනතාව කඳුළු සාගරයක ගිල්වා මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල යෙදෙමින් ප්‍රීති සාගරේ”- රංගේ බණ්ඩාර

“ජනතාව කඳුළු සාගරයක ගිල්වා මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල යෙදෙමින් ප්‍රීති සාගරේ”- රංගේ බණ්ඩාර

ආණ්ඩුව මහ බැංකුවද දේශපාලනය කරන තැනක් බවට පත්කර ගැනීම හේතුවෙන් මහ බැංකුව ගැන ලෝකයේ තිබූ විශ්වාසය මෙන්ම රටේ විශ්වාසයත් පලු‍දු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

 

ඉතිහාසයේ ප්‍රථමවරට මහ බැංකු අධිපතිධුරයට දේශපාලනඥයකු පත්කර තිබෙන බව කී හෙතෙම මහ බැංකුව ස්වාධීන ආයතනයක් යැයි ඉතිහාසයේ සිට තිබූ මතයට වත්මන් ආණ්ඩුව කළු පැල්ලමක් එක් කළ බවද කියා සිටියේය.

 

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නා ලෙස කියමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල නිරත වෙමින් රස මසවුළු කමින් බොමින් ප්‍රීති සාගරයේ ගිලී සිටින බවද පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

views

772 Views

Comments

arrow-up