සුනඛයෙක් නිසා මාළු ලොරිය මාළුත් සමඟ මහපාරේ කූරියා ගසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

සුනඛයෙක් නිසා මාළු ලොරිය මාළුත් සමඟ මහපාරේ කූරියා ගසයි

සුනඛයෙක් නිසා මාළු ලොරිය මාළුත් සමඟ මහපාරේ කූරියා ගසයි

කලවන්චිකුඩි විශේෂ හමුදා බලකාය කඳවුර ඉදිරිපිට මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ති‍්‍රකුණාමලය කින්නියා ප්‍රදේශයේ සිට මාළු රැගෙන කලමුණේ ප්‍රදේශයට ප්‍රවාහනය කළ කුඩා වර්ගයේ ලොරි රථයක් අනතුරට පත්ව ඇතැයි කලවන්චිකුඩි පොලිසිය කියයි.

 

එම රථයේ ගමන් කළ කිසිවෙකුටත් විපතක් සිදුනොවී දිවි ගලවා ගෙන ඇති අතර සුනකයෙකු පාර හරහා පැනීම නිසා එම අනතුර සිදුවූ බව එහි ගමන් කළ පුදගලයා කියා සිටියේය. 

 

ප්‍රවාහනය කරමින් තිබූ මාළු තොගය විනාශවී ඇති අතර වාහනයට බරපතල හානි සිදුවී තිබේ. 

 

මෙම අනතුර සම්බන්ධව කලූවන්චිකුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන ලදී.

views

804 Views

Comments

arrow-up