කංචන ඇමතිකමෙන් අස්වෙන්න යයි.. විදුලිය චම්පිකට දෙන්න සූදානම්…
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

කංචන ඇමතිකමෙන් අස්වෙන්න යයි.. විදුලිය චම්පිකට දෙන්න සූදානම්…

කංචන ඇමතිකමෙන් අස්වෙන්න යයි.. විදුලිය චම්පිකට දෙන්න සූදානම්…

පාඨලී චම්පික රණවක මහතා විදුලිබල අමාත්‍ය ධූරය භාර ගන්නේ නම් තමන් ඉතා කැමැත්තෙන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
විදුලි බල අමාත්‍යාංශය චම්පික රණවක මහතා විසින් බාර ගන්නේ නම් හොද බවද හෙතෙම පැවසීය.

 

කෙසේ වෙතත් එය ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් ඒ සඳහා තමන්ගේ කිසිම විරුද්ධතාවක් නැති බවත් හෙතෙම කියා සිටියේය.

 

අමාත්‍යංශය භාර දීමට සුදුසු පුද්ගලයෙක් සිටී නම් තමන් ඕනෑම මොහොතක ඒ සඳහා සූදානම් බව ජනාධිපතිවරයාට තමන් දැනුම් දුන් බවද හෙතෙම පැවැසීය.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

views

625 Views

Comments

arrow-up