ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් ඇනහිටී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් ඇනහිටී

ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් ඇනහිටී

ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


කපුගස්කන්ද බලාගාර දෙක, කොළඹ වරාය පාවෙන බලාගාරය, ඇඹිලිපිටිය සහ මාතර පෞද්ගලික බලාගාර දැවිතෙල් නොමැතිව ද, කැලණිතිස්ස සහ මතුගම යන බලාගාර ද ඩීසල් නොමැතිවීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීවී ඇති බව ද එම නිලධාරියා කීය.  


සෙසු තාප බලාගාර හයක ද ඉන්ධන ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිත බවත් එසේ වුවහොත් විදුලි කප්පාදුව තව දුරටත් ඉහළ යා හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

views

797 Views

Comments

arrow-up