පොහොට්ටු මන්ත්‍රී වෙඩි තබාගත්තේ නෑ - නවතම අනාවරණය මෙන්න

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මන්ත්‍රීවරයා පහරදීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පසුගිය සඳුදා දිවයින පුරා ඇති වූ නොසන්සුන්තාව අතරතුර නිට්ටඹුවේදී මහජනතාවට වෙඩි තැබීමෙන් පසු මන්ත්‍රීවරයා ගොඩනැගිල්ලක තුළට ගොස් සැඟවී සිට තිබෙනවා.
පසුව වාර්තා වූයේ මහජනතාව ගොඩනැගිල්ල වටලා සිටීම නිසා ඔහු තමාගේම ගිනි අවියක් භාවිතා කර සියදිවි හානිකරගෙන ඇති බවයි.
කෙසේවෙතත් අමරකීර්ති අතුකෝරළගේ මරණය සම්බන්ධයෙන් වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු පහරදීමකින් තුවාල ලබා මියගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පහරදීම හේතුවෙන් බරපතල තුවාල රැසක් සිදුව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
“මන්ත්‍රීවරයාගේ මරණය බහුවිධ තුවාල, අස්ථි බිඳීම් සහ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් සිදුවූවක් නමුත් ඔහුට වෙඩි වැදී තුවාලයක් නොතිබුණි” යනුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමඟ සිටි මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙඩි වැදීමකින් මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුරේ වෙඩි උණ්ඩයක් හමුවී ඇති බවයි.
ආරක්ෂක නිලධාරියාට ද දරුණු ලෙස පහර දී බරපතළ තුවාල ලබා මොළයේ ලේ ගැලීමක් සිදු වී ඇති බව ද වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
707 Views
Comments