ඥානක්කාව ආරක්ෂා නොකළ හමුදාවේ ඉහළ නිලධාරීන්ට දඬුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

ඥානක්කාව ආරක්ෂා නොකළ හමුදාවේ ඉහළ නිලධාරීන්ට දඬුවම්

ඥානක්කාව ආරක්ෂා නොකළ හමුදාවේ ඉහළ නිලධාරීන්ට දඬුවම්

පසුගිය 09 වැනිදා රාත්‍රියේ අනුරාධපුරයේ ඥානක්කා නම් කාන්තාවගේ නිවසට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව ලබා නොදුනැයි එම ප්‍රදේශය භාරව සිටි ඉහළ හමුදා නිලධාරීන් මාරුකර යවා තිබේ.

 

මේ අනුව එම නිවසට දේවාලයට සහ හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට පිරිස් පැමිණෙන බවට පූර්ව තොරතුරු ලබා නොගත්තේ යැයි 21වෙනි සේනාංකයේ සේනාධිපති, එහි බුද්ධි අංශ නිලධාරී සහ ප්‍රධාන මණ්ඩලික නිලධාරී යන තිදෙනා මේවන විට වෙනත් ස්ථානවලට මාරුකර යවා ඇත.

 

ඉන් අනතුරුව එම සේනාංකයේ සේනාධිපති ලෙස බි්‍රගේඩියර්වරයෙකු පත්කර ඇති බවට තොරතුරු වාර්තාවේ.

 

උපුටා ගැනීම : lankatruth

views

655 Views

Comments

arrow-up